නදීෂා ගැබිනියක් නිසා රගපෑමට විරාමයක් තබයි.
රුවන් මාලිගා නාට්‍යයේ ''පංචාලි'' නම් චරිතයෙන් ඔබ හමු වන නදීෂා රගපෑමෙන් ඉවත් වීමට යයි.
මෙසේ ඇය රගපෑමට විරාමයක් තබන්නේ ඇයි? නදීෂා අලහප්පෙරුම යනු මෑත යුගයේ බිහි වූ දක්ෂතම රංගන ශිල්පිනියකි.
ඇය ඉතින් ඊට පස්සේ නාට්‍යයේ සන්ද්‍යාගේ චරිතයෙන් මෙන්ම දැන් තිරගත වෙමින් පවතින රුවන්මලිග නාට්‍යයේ පංචාලිගේ චරිතයෙන්ද රසිකයින් අතර ඉතා ජනප්‍රිය විය.
ඇය රගපෑමෙන් ටික කාලයක් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඇය මවක් වීමට යන හෙයින් මෙම තීරණය ගෙන ඇත.දරුවා ලැබීමෙන් පසු දරුවාගේ වැඩ කටයුතු නිසා තමාට රංගනයෙන් ඈත්ව සිටීමටත් නැවත ඇවුරුදු එකහමාරකින් පමණ රංගනයට යලි එක් වන බව ඇය පවසයි.
අමිල නුවන් වාදසිංහ නදිෂාගේ සැමියයි.ඔහු සුවර්ණවහිනි නාලිකාවේ මෙගා ස්ටාර් හා ඩාන්ස් ස්ටාර් වැඩසටහන් වල විධායක නිෂ්පාදක ලෙස කටයුතු කරනු ලබයි.