කදානේ නිවසක පවත්වාගෙන ගිය හොර ගව ඝාතනගාරයක්.
මරණය යනු මිනිස්,තිරිසන් කොයිකාටත් වේදනාකාරී අත්දැකීමකි.
ගව ඝාතනය පිටුදකින මෙවන් කාලයක ගව ඝතනාගාර නැතුවා නොවෙයි.
ඊයේ (6) දින කදාන වැලිසර ප්රදේශයේ නිවසක් තුල රහසිගත ලෙස පවත්වාගෙන ගිය ගව ඝාතනගාරයක් කදාන පොලිසිය විසින් වටලා ඇත.
එහි තිබී මස් කරන ලද මී ගවයන් ගේ කොටස්ද පොලිසිය සොයාගෙන ඇති අතර මැරීමට සුදානම් කර තිබු එළවැස්සියක් හා ගවයන් දෙදෙනෙක්ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
මෙම සිද්ධිය සම්බන්දයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වත්තල හා වැලිසර පදිංචි පුද්ගලයෝ වෙති.