Gossip Home

Online Hot Top Gossip Lanka News

ජයවර්ධනපුර රෝහලේ ආරක්ෂාවට විශේෂ කාර්ය බලකාය.

By Chamika Fernando

මුල්ලේරියාවේ වෙඩි හුවමාරුවෙන් තුවාල ලබා සිටි ආර්.දුමින්ද සිල්වා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මන්ත්‍රීවරයා රෝහල් ගත කල මොහොතේ සිට බලහත්කාරයෙන් රෝහලේ රැදී සිටි මන්ත්‍රීවරයාගේ පෞද්ගලික ආරක්ෂකයින් හා ආධාරකරුවන් දෙසීයක්
පමණ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා රෝහලෙන් ඊයේ (11) ඉවත් කර ඇත.

එම ඉවත්කිරීමෙන් අනතුරුව රෝහල හා ඒ අවට විශේෂ කාර්ය බලකාය,පොලිසිය හා ඇමති ආරක්ෂකයින් යොදවා විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇත.

පොලිස් ආරංචි මාර්ග අනුව මන්ත්‍රීවරයාගේ ආරක්ෂකයින් හා ආධාරකරුවන් මෙලෙස රෝහලේ සිට ඇත්තේ ඔවුන්ගේ ආරක්ෂාව සදහා මිස මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට නොවන බව සනාථ වී ඇත.

මොවුන් නිසා රෝහලේ රෝගීන් බැලීමට එන පිරිසට පමණක් නොව වෛද්‍යවරුන්ටද විශාල අපහසුතාවයකට මුහුණදීමට සිදු වූ බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් දුමින්ද සිල්වා මහතා ප්‍රතිකාර ලබමින් සිටින හසිසි අනතුරු ඒකකයට පවා යාමට අවසර ලබා දී ඇත්තේ පවුලේ සාමාජිකයින් සිව් දෙනෙකුට පමණි.