Gossip Home

Online Hot Top Gossip Lanka News

දුමින්ද මහතා සහ භාරත මහතා අතර ගැටුම සිදුවුයේ මෙසේය.

By Chamika Fernando

මේ වන විට පොලිසිය මෙම සිද්දිය පිලිබදව පරීක්ෂණ පවත්වා ඇති අතර මෙම ගැටුම පළමුවෙන් ආරම්භවී  ඇත්තේ අංගොඩ රාහුල විද්‍යාලය ඡන්ද මධ්‍යස්ථානයේදීය.

මෙම ස්ථානයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සහ ඔහු සමග පැමිණි පිරිසක් එහි සිටි සන්ධාන ආධාරකරුවන් පරිසකට පහර දී ඇත. ඉන්පසුව දුමින්ද සිල්වා මහතා ඇතුළු ඔහුගේ පිරිස වාහන වල වෙඩි තබමින් අංගොඩ සිරිමාවෝ බණ්ඩාරනායක පුස්තකාල ප්‍රදේශයට පැමිණ ඇත.

එම ස්ථානයේ රැදී සිටි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පිරිසට ඔවුන් වෙඩි තබා ඇත්තේ ඉන් පසුව බව වාර්තා වේ. ඒ අතරම භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ පිරිසද  දුමින්ද සිල්වා මහතා ඇතුළු පිරිසට වෙඩි තබා ඇත.