භාරත මහතාගේ දියණිය දේශපාලනයට පැමිණීමට බලාපොරොත්තුවක්.
පියා වෙනුවෙන් මම දේශපාලනයට - හිරුනිකා ප්‍රේමචන්ද්‍ර
ඝාතනයට ලක් වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය දේශපාලනයට පැමිණීමට අපේක්ෂා කරන බව වාර්තා වෙයි.
තම පියාගේ කාර්ය භාරය ඉටු කිරීමට ඉදිරියේදී දේශපාලනයට පිවිසීමට තීරණය කර ඇති බව භාරත මහතාගේ දියණිය වන හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පවසයි.නමුත් කුමන දේශපාලන පක්ෂයෙන් ඇය තම දේශපාලන දිවිය අරම්භන්නේද යන්න මෙතෙක් අනාවරණය කර නොමැත.
ඇය වැඩි දුරටත් තම පියා ගැන පවසා ඇත්තේ භාරත නමැති ඇගේ පියා තම දිවි පුරාවටම මිනිසුම් හම්බ කර ඇති බවත් ඔහු කොලොන්නවෙහි සිංහයෙක් වගේ සිටි,සැමට ආදරය කල උතුම් මනුස්සයෙක් බවය.
තම පියාගෙන් කොළොන්නාව ජනතාවට ඉටු වූ සේවය එලෙසම ඉටු කිරීමට නොහැකි වුවත් ඇයට හැකි පමණින් ඔවුන්ට සේවය කිරීමට හා ඔවුන්ව තනි නොකිරීමට බලාපොරොත්තු වන බවද ඇය පවසා ඇත.
Filed under:
Bharatha Doughter,
Gossp Lanka