Gossip Home

Online Hot Top Gossip Lanka News

ශිෂ්‍යභට පාසලේ පුහුණු වෙමින් සිටි ශිෂ්‍යාවක් නේවාසිකා ගාරයේදී මියගොස් ඇත.

By Chamika Fernando

ඔබත් නිදට යන විට පසු දින අවදි නොවුනොත්? 
එවැනි සිදුවීමක් රන්ටැබේ ශිෂ්‍යභට නේවාසිකාගාරයේ සිදුවී ඇත.

න්ටැබේ ශිෂ්‍යභට පාසලේ පුහුණු වෙමින් සිටි ශිෂ්‍යාවක් (5) දින නේවාසිකාගාරයේදී මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ පොල්ගහවෙල, රත්මල්ගොඩ පාසලෙන් මෙම පුහුණුව සදහා පැමිණි ඉරේෂා සදමාලි නමැති පහළොස් හැවිරිදි දැරියක්ය.

මෙම ශිෂ්‍යභට පුහුණුව සදහා පාසල් ගණනාවකින් පුහුණු පාසලට පැමිණ ඇත.

එදින මිය ගිය ශිෂ්‍යාව හා පුහුණුව අවසන් කල අනෙත් ශිෂ්‍යාවන්ද රාත්‍රී නින්දට ගොස් පසුදින අනෙක් ශිෂ්‍යාවන් අවදි වුවද මෙම ශිෂ්‍යාව අවදි වී නැති අතර මේ පිලිබදව බලධාරීන් සොයා බැලීමේදී මෙම ශිෂ්‍යාව මියගොස්  ඇති බව අනාවරණය විය.

දින එම නේවාසිකාගාරයේ ශිෂ්‍යාවන් 25දෙනෙකු සිට ඇති අතර එම ළමුන්ට රාත්‍රී කාලයේදී කිසිදු හඩක්ද ඇසී නැත.

මෙලෙස මියගොස් ඇති ශිෂ්‍යාවගේ පියාද මීට මාස දෙකකට පමණ පෙර මියගොස් ඇති බවට වාර්තා වෙයි.මෙම ශිෂ්‍යභට කණ්ඩායම් විසිරයාමේ දිනයද අදට (7) යෙදී ඇත.