Gossip Home

Online Hot Top Gossip Lanka News

තිස් පස් දෙනකු අතින් දහතුන් හැවිරිදි දැරියක් අතවරයට ලක් වෙයි.

By Chamika Fernando

දහතුන් හැවිරිදි දැරියක් තිස් පස් දෙනකු අතින් දුෂණය වී ඇත.
මේ දිනවල  මෙවැනි සිදුවීම් වල වැඩිවීමක් පෙන්නුම් කරයි.
මෙවැනි අපරාධ කරන පුද්ගලයන්ට උපරිම දඩුවම් ලබා දිය යුතුය.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ දුෂ්කර පළාතක දිළිදු පවුලක  දැරියක්ව මෙලෙස කිහිප දෙනකු අතින් වරින් වර ලිංගික අතවරයට  ලක්වී ඇත.

මෙම දැරිය මේවන විට පොලිස් රැකවරණයේ පසු වෙයි.මේ වන විට මෙම සිද්ධීන්ට අදාල පුද්ගලයන් අට දෙනකු පොලිසිය මගින් සොයාගෙන ඇත.

මෙම දැරිය බාල වියේදීම පුද්ගලයන් කිහිප දෙනකුගේ බලහත්කාර අතවරයන්ට ලක්ව ඇත. එමෙන්ම මෙම දැරියගේ මිත්තණිය සහ වැඩිහිටියන් ඇයව වරින් වර කාමාතුරයන්ට මුදලට විකුණා ඇති බවද වාර්තා වෙයි.

මෙසේ ඇය ලිංගික  දුෂණයන්ට ගොදුරු වූ අවස්ථාවේ සිදු වූ මිනිස් ඝාතනයක් පිළිබදවද වාර්තා වී ඇති අතර මේ වන විටත් ඒ පිලිබදව  අවිස්සාවේල්ල  පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.