Gossip Home

Online Hot Top Gossip Lanka News

ගලබොඩ තැපැල් ස්ථානාධිපතිනිය ඝාතනයට සැමියා රිමාන්ඩ්

By Chamika Fernando

නාවලපිටිය,ගලබොඩ සේවය කල තැපැල්  ස්ථානාධිපතිනිය  ඝාතනයට සැකපිට පොලිස්  භාරයට  ගෙන සිටි ඇගේ සැමියා ඔක්තෝම්බර් 21වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.




මෙලෙස බන්ධනාගාර ගත කෙරුනේ වේයන්ගොඩ පදිංචි වසන්ත බණ්ඩාර නොහොත් ඇල්බට් වසන්තය.මොහු කලින් විවාහක අයෙක් වන අතර පනස් පස් හැවිරිදිය.


මෙම සැකකරුට  මේජර්වරයකු සහ රැකියා කරන දරුවන් තිදෙනකු සිටින බව පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.


මිට වසර තුනකට පෙර මොහු ගලබොඩ ප්‍රදේශයට තේවත්තක් බලා ගැනීමට පැමිණ ඇති අතර එහිදී මෙම තැපැල් ස්ථානාධිපතිනිය  සමග මිතුරු වී විවාහ වී ඇත.


මෙසේ  ඝාතනයට පත් බිසෝ මැණිකේ තැපැල් කන්තෝරුවේ පිහිටි නිවසක අවිවාහකව ජිවත් වී ඇත.සැකකරු ඇයට පවසා ඇත්තේ කලින් විවාහක බිරිද අංශභාගයෙන් ඔත්පලව රෝගීව සිටින නිසා ඇගෙන් වෙන්වී ඇති බවය.


නමුත් එලෙස ඔහුගේ කලින් බිරිදට එවැනි  රෝගී තත්වයක් නොමැති බව හෙළි වී ඇත.ඇල්බට් වසන්ත නමැති මෙම සැක කරු බිසෝ මැණිකේ සමග විවාහය ලියා පදිංචි කිරීමේදී නම ලබා දී ඇත්තේ වසන්ත බණ්ඩාර ලෙස බව පොලිසිය මගින් අනාවරණය කරගෙන ඇත.


මෙලෙස තැපැල් ස්ථානාධිපතිනිය සමග විවාහ වී ඇත්තේ ඇගේ මුදල් හා දේපල නිසා බව වාර්තා වෙයි.