''සිංහාවලෝකනයේ'' රංගනයට ඩිල්ෂාන්ටත් සම්මානයක්.
පසුගියදා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ බොලිවුඩ්හිදී සම්මාන හතරක් හිමිකර ගැනීමට ''සිංහාවලෝකනය'' චිත්‍රපටය සමත් වී ඇත.
මෙය සුනෙත් මාලිංග ලොකුහේවා අධ්‍යක්ෂණය කළ ලාංකීය සිනමාවේ පළමු ක්‍රිකට් චිත්‍රපටය වෙයි.
මෙහිදී රංගනය වෙනුවෙන් විශේෂ කුසලතා සම්මානයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ටී.එම්. ඩිල්ෂාන් සමත් වී ඇත.
කැලිෆෝනියාවේ පිහිටුවනු ලැබූ ආසියානු චිත්‍රපට සහ නාට්‍ය පදනම විසින් මෙම සම්මාන පිරිනැමීම සිදු කර ඇත.
මෙහිදී අධ්යක්ෂණයට සුනෙත් මාලිංග ලෝකුහේවාටත්,නිෂ්පාදනයට පසන් චන්ද්‍රසේකර හා රවී හාන්ස්ටන්,රංගනය වෙනුවෙන් චිලෝන් ජයසිංහටත් විශිෂ්ට සම්මාන පිරිනමන ලදී.
මෙම සම්මාන ලබා ගැනීමට සමගාමිව මෙම චිත්‍රපටය සදහා දායක වූ සැමදෙනාටම ඇගයීම් සම්මාන උළෙලක් පසුගිය 14වන දින ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී පැවැත්විණි.