මිස්ටර් බීන් අනතුරකින් රෝහල්ගත කරයි

ලොව පුරා ලොකු කුඩා කාගේත් හිත දිනාගත් ''මිස්ටර් බීන්'' හෙවත් බ්‍රිතාන්‍ය නළු ''රෝවන් එට්කින්'' අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර ඇත.
බී.බී.සි ලෝක සේවය පවසන පරිදි ඔහු පැදවූ මෝටර් රථය කේම්බ්‍රිජ්ශයර්හිදී ගසක හා පහන් කණුවක ගැටී ගිනිගෙන ඇත.
අනතුරෙන් පසුව ඔහු රථයෙන් පිටතට පැමිණ ඇති අතර පසුව ඔහුව ගිලන් රථයකින් රෝහල වෙත රැගෙන ගොස් ඇත.
