Gossip Home

Online Hot Top Gossip Lanka News

ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් අනතුරක

By Chamika Fernando

''Chalana-3'' Boat Capsized In The Hmbanthota-Gurupokuna Sea.

 ''චලන 3'' නම් බහුදින ධීවර යාත්‍රාව අද (7) අලුයම අනතුරකට පත්ව ඇත.

සුගිය (2) දින මෙම යාත්‍රාව ගාල්ල ධීවර වරායෙන් මසුන් ඇල්ලීමට  දියබට ගොස් ඇති අතර මොවුන් පැමිණෙමින් සිටි අවස්ථාවේදී  හම්බන්තොට-ගුරුපොකුණ ප්‍රදේශයේදී මෙම යාත්‍රාව ගල් පරයක ගැටී  අනතුරට පත්ව ඇති බව වාර්තා වෙයි.

මෙහි 6 දෙනෙකු පමණ ගමන් ගෙන ඇති අතර 5 දෙනෙකු කිලෝමීටර් 5 ක් පමණ ගොඩබිමට පීනා දිවි ගලවාගෙන ඇත. 

මෙහි නියමුවා අතුරුදහන් ඇති අතර ඔහු සොයා  මෙහෙයුම් ආරම්භ  කර ඇති බවටද වාර්තා වෙයි.