Gossip Home

Online Hot Top Gossip Lanka News

එළවලු හා පලතුරු ප්‍රවාහනයේදී ප්ලාස්ටික් කූඩා භාවිතය කිරියාත්මක කරයි.

By Chamika Fernando

Using Plastic Crate Vegetable And Fruits transportation.

ද(01) සිට ක්‍රියාත්මක වන පරිදි එළවලු හා පලතුරු ප්‍රවාහනයේදී ප්ලාස්ටික් කූඩා භාවිතය කිරියාත්මක කරන බව සමුපකාර හා අභ්‍යන්තර වෙළද කටයුතුභාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

නිසිලෙස එලවලු හා පලතුරු ප්‍රවාහනය නොකිරීම නිසා එයින්  සිදුවන හානිය අඩු කර ගැනීමට මෙම පියවර ගෙන ඇත.

මෙලෙස නිසිලෙස ප්‍රවාහනය නොකිරීම නිසා 30%,40% අතර ප්‍රමාණයක් අපතේ යයි.එම නාස්තිය අවම කර ගැනීමෙන් ආර්ථිකයද ශක්තිමත් වන බව ජොන්ස්ටන් අමාත්‍ය වරයා පවසයි.

එළවලු හා පලතුරු ප්‍රවාහනය සදහා ප්ලාස්ටික් කූඩා බාවිතය පිළිබද දැනුවත් කිරීමක් පළමු අදියර යටතේ ක්‍රියාත්මක කර ඇත.එසේම එම භාවිතය  පිළිබද නිරීක්ෂණය කිරීමක්ද සිදු වෙයි.

සේම දෙවැනි  අදියර යටතේ එළවලු හා පලතුරු ප්‍රවාහනයේදී පල්ස්ටික් කූඩා භාවිත  නොකරන්නම් පිළිබද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පාරිභෝගික  අදිකරියට අමාත්‍යවරයා දැනුම්දී ඇති බව වාර්තා වෙයි.