Gossip Home

Online Hot Top Gossip Lanka News

හලාවත භද්‍රකාලි දේවාලයේ සතුන් බිලි පුජාව නවතියි.

By Chamika Fernando

Stop Animal Sacrifice Of Chilaw Munneshwaram Kovil.

මහර ආගම වල දෙවියන්ට සතුන් බිලි පුජා කරති.

කුකුලන්,එළුවන් වැනි සතුන් මෙසේ බිලි පුජා කරන ආගමික ස්ථාන රාශියක් දිවයිනේ ඇත.හලාවත භද්‍රකාලි දේවාලයත් එවැනි ප්‍රසිද්ධ  ස්ථානයකි.

අද (13) සිදුකිරීමට නියමිතව තිබු  බිලි පුජාව නවත්වන ලෙස හලාවත මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර සිටියේය.

ඔවුන් බිලි පුජාව සිදු කිරීමට සැලසුම් කර තිබුනද එය සිදු කිරීමට නොහැකි විය.ඒ හේතුවෙන් බෙලි කපා මරන්නට නියමව සිටි එළුවන් හා කුකුලන් විශාල සංඛ්‍යාවකට නිදහස ලැබිණි.

මෙම ස්ථානයට පැමිණි මර්වින් ඇමති තුමා මෙම සතුන් හලාවත පොලිසියට රැගෙනගොස් සතුන් හදා ගැනීමට කැමති පවුල් වලට බෙදා දුන් බව වාර්තා වෙයි.