Gossip Home

Online Hot Top Gossip Lanka News

ශ්‍රී ලංකාවෙන් පිලිපීන මැනිලා සත්වෝද්‍යානයට අලි පැටවකු.

By Chamika Fernando

Sri Lankan Baby Elephant Present To Philippines.

ශ්‍රී ලංකාව හා පිලිපීනය අතර රාජ තාන්ත්‍රික සබදතා පටන් ගෙන  වසර 50ක් සැපිරීම නිමිත්තෙන් පිලිපීනයට ශ්‍රී ලංකාවෙන් වටිනා ත්‍යාගයක්  ලබා දීමට තීරණය කර ඇත. 

එනම් පිලිපීනය මැනිලා සත්වෝද්‍යානයට අලි පැටවකු ත්‍යාග කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

අද (15) කොලබ පැවති කැබිනට් දැනුම්  දීමේ මාධ්‍ය හමුවට එක් වූ නියෝජය අමාත්‍ය ලක්ෂ්මන් යාපා මහතා පැවසුයේ මැනිලා නුවර නගරදිපති තුමා කල ඉල්ලීමකට අනුව මෙම අලි පැටවා ත්‍යාග කිරීමට තීරණය කර ඇති බවයි.

මෙන්ම  සෞඛ්‍ය අමාත්‍ය වරයා කැබිනට් පත්‍රිකාවක් ලෙස ඉදිරිපත් කල ලබන ඔක්තෝම්බර් 03 දින සිට 9 වන දින දක්වා ජාතික සෞඛ්‍ය සතියක්  නම් කිරීමටද අනුමැතිය ලැබී ඇති බව වාර්තා වෙයි.