Gossip Home

Online Hot Top Gossip Lanka News

Squtnik Down To Earth Today.

By Chamika Fernando

චන්ද්‍රිකාවක්  පෘතුවියට කඩා වැටීමේ අවදානමක්.
මෙවැනි දෙයක් කෙදිනකවත් අප අසා නොතිබූ පුවතක්ය.
මෙම චන්ද්‍රිකාව කඩා වැටීම හේතුවෙන් අපත් බිය විය යුතුද?

අද(23) සන්ද්‍යාවේ සිය පාලනයෙන් තොර වූ චන්ද්‍රිකාවක් පෘතුවිය දෙසට කඩා වැටෙනු ඇති බව ඇමරිකානු නාසා ආයතනය අනතුරු අගවයි.

මෙම චන්ද්‍රිකාව කෙදින,කුමන වෙලාවට,කුමන ස්ථානයකට කඩා වැටෙයිද යන්න කිව නොහැකිය.

නාසා ආයතනය පවසන පරිදි මෙයින් ජිවිත හානි සිදුවීමේ අවදානම 3200කට 1ක් ලෙස පවතයි.

එසේම කිලෝ මීටර් 400,500ත් අතර මෙම චන්ද්‍රිකාවේ සුන්බුන් පතිත විය හැකි බවද නාසා ආයතනය පවසයි. 

කෙසේ වෙතත් මෙය පෘතුවියට කඩා වැටීමට පැය 12කට කලින් ඒ පිළිබද දැනගත හැකි බවත් එම චන්ද්‍රිකාව කඩා වැටීම මගින් පොලවට වැටිය හැකි සුන්බුන් කොටස් ඇල්ලීමෙන් වලකින ලෙස නාසා ආයතනය ජනතාවට අනතුරු අගවා ඇති බව වාර්තා වෙයි.