Arrest To Treasure Trove Delve Clique.

මොවුන් පවසන්නේ නිදන් හැරුවා නොවේ. මාළු ටැංකියක්
සැදීමට හැරූ බවය.
නිදන් හැරූ බව කියන අයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මින්නේරිය, ගිරිතලේ ප්‍රදේශයේ මෙම නිදන් හැරීම සිදු කර ඇත.
පොලිසිය පවසා ඇත්තේ හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ බැකෝ යන්ත්‍රයක් මෙම ක්‍රියාවට ප්‍රයෝජනයට ගෙන ඇති බවත්ය.
මෙම නිදන් හැරූ සැකකරුවන් පිරිස ප්‍රදේශවාසීන් විසින් පොලිසියට බාර දී තිබේ.
සැකකරුවන්ගෙන් මේ ගැන විමසීමේදී ඔවුන් පවසා ඇත්තේ මෙම ස්ථානය හැරුවේ මාළු ටැංකියක් සැදීමට බවය. මෙතෙක් මෙම හැරීම සිදු කර ඇත්තේ නිදන් ගැනීමටද යන්න ස්ථිරවම තහවුරු වී නොමැති බවත් ඒ පිලිබදව සොයා බැලීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව පොලිසිය පවසා ඇත.
හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පවසා ඇත්තේ යම් කාර්යයක් සදහා මේ සිද්දියට අදාල පුද්ගලයා බැකෝ යන්ත්‍රය මුදල් ගෙවා සේවයට ගත් බවය. මේ සිද්දිය සම්බන්දව වැඩිදුර පරීක්ෂණ මින්නේරිය පොලිසිය විසින් ආරම්භ කර ඇත.
නිව්ස්ෆස්ට් 9/25/11

Filed under:
gossip lanka,
gossip news